කෙසෙල්වත්තේ ගැටුමට සම්බන්ධ පුද්ගලයන් තවදුරටත් රිමාන්ඩ්

2019-03-22 12:22:00       603
feature-top
පානදුර කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඉකුත් දා ඇතිවූ ගැටුමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 05 දෙනා ලබන 25වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ එදිනට සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කරන බවයි. මෙම ගැටමෙන් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලැබුවා.

ත‍්‍රීරෝද රථයකින් පානදුර දෙසට ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු විසින් දිග්ගල පූර්වාරාමය අසළ දී මාර්ගය අවහිර කරමින් ජංගම දුරකතනයකින් ඇමතුමක් ලබාගනිමින් සිටි පුද්ගලයෙකු සමග ඇතිවූ සංවාදයක් පසුව ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබුණා.



(under the courtesy of nethnews.lk news web)

More News »