කෘතිම වැසි අද සිට..මධ්‍යම අහසට රසායනික විදියි..

2019-03-22 12:07:00       604
feature-top
ශ්‍රී ලංකාව තුළ පළමු වතාවට කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය අද දිනයේ ආරම්භ කිරීම නියමිතය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සඳහන් කරන්නේ මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට අද දිනයේ මෙම කෘතිම වැසි ඇති කිරීමට අවශ්‍ය කටයුතු කරන බවයි.

පවතින වියළි කාලගුණ තත්ත්වයක් හමුවේ ජල විදුලි බලාගාර ආශ්‍රිතව මෙම වර්ෂාව ඇති කිරීමෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජල ඉහල දැමීමට බලාපොරොත්තු වන අමාත්‍යාංශය කියා සිටී.

ගුවන් හමුදා ගුවන් යානයක් මගින් මස්කෙළිය ප්‍රදේශය ආශ්‍රිතව කෘතිම වැසි ඇති කිරීමට අහසේ රසායනික ද‍්‍රව්‍ය ඉසීමට කටයුතු කරයි.

මෙම කටයුත්ත සිදු වන්නේ තායිලන්ත රජය මැදිහත් වීමෙනි.
(under the courtesy of lankacnews.com news web)

More News »