බැදුම්කරේ හා බටලන්දේ සාක්‍ෂි මෙහෙයවූ නීතිවේදියා අභියාචනාධිකරණ සභාපති ලෙස ජනපති යෝජනා කරයි. ව්‍යවස්ථා සභාව යලිත් අර්බුදයේ

2019-03-22 11:00:00       619
feature-top
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයෙකු ලෙස සේවය කරන යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධුරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්තා සභාවට යෝජනා කර ඇති බවට තොරතුරු වාර්තාවේ.

මෙම යෝජනා කිරීම සිදුකර ඇත්තේ දීපාලි විජේසුන්දර මහත්මිය ගේ නම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධුරය සඳහා අවස්ථා ගණනාවක දී ප්‍රතික්ෂේප වී ඇති තත්ත්වයක් යටතේ දී ය.

දීපාලි විජේසුන්දර මහත්මිය අවස්ථා කිහිපයකදීම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස වැඩබලන තනතුරට පත් කළ අතර පසුගිය සතියේ දී අභියාචනාධිකරණ සභාපති ධුරය සඳහා වැඩබැලීමට කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ තිබිණි.

මෙවර යෝජනා කර ඇති යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසමේදී රජය පාර්ශවයෙන් දිගින් දිගටම ප්‍රබල හරස් ප්‍රශ්න මතු කිරීම සිදු කළ අයකු වන අතර කලකට පෙර බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ ද ‍ප‍්‍රබල හරස් ප්‍රශ්න මතු කළ රජයේ නීතිඥයා ද වෙයි.

මේ හේතුව මත හෙට දිනයේ රැස්වීමට නියමිත ව්‍යවස්ථාදායක සභාව ද අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇති බවට ආරංචිමාර්ග සඳහන් කරන්නේ ව්‍යවස්ථා සභාව පත් කිරිම් සිදු කරන්නේ අතීත ක‍්‍රියාකාරකම්ද සැලකිල්ලට ගෙන බව නිවේදනය කර තිබීම නිසාය.

මේ අතර අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් කීප දෙනකුම කියා සිටියේ දැනට අභියාචනාධිකරණය සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය වන දීපාලි විජේසුන්දර මහත්මිය මෙම තත්ත්වය මත යම් අසාධාරණයක් සිදුව ඇති බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »