අපේ රට අද රෝහලක්-රතන හිමි

2019-03-22 10:31:00       597
feature-top
වස විසෙන් තොර ජාතික පොළ හා ප්‍රදර්ශනය මාර්තු මස 30,31 සහ අප්‍රේල් මස 1 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශයේදී පැවැත්වීමට නියමිතය.

ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ දී ඊයේ  (21) පැවැත්වුණි.

එම අවස්ථාවට එක්වෙමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි ප්‍රකාශ කර සිටියේ රටේ ජනතාව විශාල රෝගාබාධ රැසකට ගොදුරුව සිටින අතර රට රෝහලක් බවට පත්ව ඇති බවයි.

දැනට ඇති දත්ත අනුව වකුගඩු රෝගයෙන් 27000ක් පමණ මියගොස් ඇති බවත් විශාල වශයෙන් වකුගඩු රෝගයට ගොදුරු වූවන් මෙරට සිටින බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේය.

මෙම කාරණා මුල් කරගනිමින් ජනතාව තුළ රෝගාබාධ වලින් වැළකීම සම්බන්ධව ප්‍රගතියක් ඇති කිරීම වෙනුවෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇති බව උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේය.
 


(under the courtesy of adaderana.lk news web)

More News »