ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීමක්

2019-03-19 06:26:00       599
feature-top
වයඹ පළාතේත්, මන්නාරම සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලත් බොහෝ ස්ථානවල හෙට දිනයේ උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල වෙසෙන්නන් ඒ පිළිබඳ වැඩි අවධානයකින් පසුවිය යුතු බවයි අවධාරණය කෙරුණේ.

උණුසුම පිළිබඳ වැඩි අවදානම් නිවේදනයක දී අපේක්ෂා කෙරෙන උණුසුම සෙල්සියස් අංශක 32ත් 41ත් අතර වනවා. මෙවැනි උණුසුමක් පවතිද්දි විජලනය සහ ලවණ ඉවත් වීම නිසා මස් පිඩු පෙරළීම සහ අධික මහන්සිය වැනි තත්වයන් ඇති විය හැකියි.

More News »