හිටපු නාවික හමුදාපති තුන්වන වරටත් CIDයට

2019-03-19 01:27:00       600
feature-top
ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

පෙරවරු 09.30 ට පමණ කරන්නාගොඩ මහතා එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශය ලබාදෙන ලෙස පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව වසන්ත කරන්නාගොඩ මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියි.

සිද්ධියට අදාළව පසුගිය 11වන සඳුදා පළමු වරට වසන්ත කරන්නාගොඩ මහතා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එහිදී පැය 08 ක කාලයක් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

පසුව පසුගිය 13වනදා ද ඒ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා දෙවන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.


(under the courtesy of adaderana.lk news web)

More News »