නෙදර්ලන්තයේ වෙඩි තැබීමට සම්බන්ධව පුද්ගලයෙක් අත්අඩංගුවට

2019-03-19 11:02:00       617
feature-top
නෙදර්ලන්තයේ යුත්‍රෙක්ට් නගරයේදී ඊයේ (18)  සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු 37 හැවිරිදි වියේ පසුවන තුර්කි ජාතිකයෙක්.

නෙදර්ලන්තයේ යුත්‍රෙක්ට් නගරයේ ට්‍රෑම් රථයක් තුළදී සහ එම නගරයේම වෙනත් ස්ථාන කිහිපයකදී සිදුවූ වෙඩිතැබීම් වලින් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තවත් පස් දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් වාර්තා සඳහන් කරන්නේය.

එම සිදුවීමෙන් පසුව නගරයේ ආරක්ෂාව තර කිරීමටත් බලධාරීන් පියවර ගත් අතර පාසැල් සියල්ල වසා දැමුණි.

මේ අතර සිදුවීමෙන් පැය කිහිපයකට පසුව වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට ගෝක්මෙන් ටනිස් නම් 37 හැවිරිදි තුර්කි ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි තැබීම සිදුවූ ප්‍රදේශයට කිලෝමීටර් 3ක් පමණ නුදුරින් පිහිටි ගොඩනැගිල්ලකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.

මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට පොලිසිය සැක පල කළද ඒ බව මෙතෙක් තහවුරු වි නැත.

පුද්ගලයන් 50කට පමණ මරු කැඳවමින් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි සිදුවූ වෙඩි තැබීමෙන් දින කිහිපයකට පසුව මෙම සිදුවීම වාර්තා වීමත් විශේෂත්වයක්.

වෙඩි තැබීම සම්බන්දයෙන් නෙදර්ලන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ
(under the courtesy of adaderana.lk news web)

More News »