මහ බැංකු වංචාවේ ප්‍රධාන වගඋත්තරකරු අත්අඩංගුවට ගන්න සිංගප්පුරු රජයෙන් සහයක් නැහැ :ජනපති කියයි

2019-03-18 06:39:00       599
feature-top
මහ බැංකු වංචාවට සම්බන්ධ ප්‍රධාන වග උත්තරකරු අත් අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරුවෙන් ලැබිය යුතු සහයෝගය නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා".

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීම වෙනුවෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අද (18) පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින්.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

"මහබැංකු වංචාවේ වගඋත්තරකරු සිටින බව කියන සිංගප්පූරුවේ රජය මේ ගැන මීට වඩා වගකීමක් ගත යුතුව තිබෙනවා. අඩුම වශයෙන් මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ඒ රට තුල ඉන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් හෝ පැහැදිලි ප්‍රකාශයක් කිරිම යුතු කමක්.

පසුගියදා මා සිංගප්පුරුව බලා ගියේ එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවට සහභාගිවිමේ අවශ්‍යතාවයට වඩා එරට අගමැතිවරයා සමග මුණගැසි මහබැංකු වංචාවට අවශ්‍ය කරනු ලබන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සාකච්ජා කිරිමටයි.

අන්තර්ජාතික වරෙන්තු නිකුත් කර ඇති සිංගප්පූරු පුරවැසියෙකු වන මෙම වගඋත්තරකරු ශ්‍රි ලංකාවට ලබාදිය නොහැකිදැයි තමන් එරට අගමැතිවරයාගෙන් ඇසූ බවත් ඒ අවස්ථාවේ එරට අගමැතිවරයා සිංගප්පූරුවේ පුරවැසියෙකු වුවත් එවැනි ප්‍රශ්නයකට සම්බන්ධ නම් ඒ ගැන කටයුතු කිරීමට පසුබට නොවන බවට ප්‍රකාශ කළ බව කියා සිටියා.

කෙසේ වුවත් සිංගප්පුරු රජය මේ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරිමක් සිදු නොකළ බවත් කෙතරම් බාධක හමුවේ නිළධාරින් මහ බැංකු වංචාව සම්බන්ධයෙන් තොරතුරු විමර්ෂනය සිදුකරනු ලැබුවත් ප්‍රධාන වග උත්තරකරු අත් අඩංගුවට ගැනිමට මේ දක්වා නොහැකිවිම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බව මෙහිදි ප්‍රකාශ කර සිටියා.
(under the courtesy of nethnews.lk news web)

More News »