බොරැල්ලේ ට්‍රැෆික් OIC මරණාසන්නව සිටි මොහොතේදී සහෝදර නිළධාරීන් එකතුකර දුන් මුදල් හොරු අරන් - CCTV අක්‍රීය නිසා සැකකරු හඳුනාගන්න බෑ කියයි..

2019-03-18 06:02:00       594
feature-top
රිය අනතුරකට මුහුණ දීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා කොළඹ ජාතික රෝහල තුල ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී රුපියල් ලක්ෂයක පමණ මුදලක් සහිතව ඔහුගේ බිරිඳ සතුව තිබූ මුදල් පසුම්බිය සොරකම් කළ බව කියන සංවේදී පුවතක් වාර්තා වනවා.

පොලිස් ස්ථානාධිපතිවරයා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැටුප සහ පොලීසියේ සහෝදර නිලධාරීන් විසින් සම්මාදන් කොට ලබා දුන් මුදල මෙලෙස සොරකම් කර ඇති බවයි මියගිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිය වන අනෝමා හතුරුසිංහ මහත්මිය  දැඩි සංවේගයෙන් යුතුව කරුණු පැහැදිලි කළේ.

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දොරටුව අසලදී දැඩි කම්පනයකින් සිටි තමන්ගේ බෑගයේ දමා තිබූ මේ මුදල සොරාගත් තැනැත්තා මුදල් පසුම්බිය විවෘත කර මුදල් සොරාගෙන හිස් මුදල් පසුම්බිය අසල කසළ බඳුනකට දමා තිබියදී හමුවූ බවද ඇය සඳහන් කරන අතර එම පරිශ්‍රයේ සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රීය වී තිබීම නිසා මෙම සොරකමට වගකිවයුත්තා සොයාගත නොහැකි වී අැති බවද වාර්තා වනවා.

 


(under the courtesy of nethgossip.lk news web)

More News »