බොරැල්ලේ ට්‍රැෆික් OICට මරු කැඳවූ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු යළි රිමාන්ඩ්

2019-03-18 05:56:00       593
feature-top
බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ආනන්ද සරත්චන්ද්‍ර මහතා මරණයට පත් කරමින් බම්බලපිටිය ඩුප්ලි බුලර්ස් මංසන්දියේදී සිදුවූ මාරක රිය අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ නවිදු ඔමේෂ් රත්නායක ලබන අප්‍රේල් මස 01 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (18) නියෝග කළා.

එම රිය අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කරන ලද නවිදු ඔමේෂ් රත්නායක හඳුනා ගැනීමට එක් සාක්කිකරුවෙක් අද සමත් විය. හඳුනා ගැනීමේ පෙරට්ටුව අද පැවතියේ කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් පි.ඩි. පෙරේරා මහතා ඉදිරියේදීය.

පෙබරවාරි මස 24 වෙනිදා සිදුවූ මෙම මාරක රිය අනතුරෙන් තුවාල ලැබූ බොරැල්ල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් මාර්තු මස 09 වෙනිදා රාත්‍රියේදී අභාවප්ප්‍රාප්ත විය.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා ඇතුළු 08 දෙනෙක් බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඩිෆෙන්ඩර් රථය පැදවූ රියදුරු වන නවිදු ඔමේෂ් රත්නායක හැර සෙසු සැකකරුවන් 7 දෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.


(under the courtesy of nethnews.lk news web)

More News »