ජනනාත් වරකාගොඩට ඇප ලැබෙයි

2019-03-18 05:55:00       591
feature-top
රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවක්  සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතඥ ජනනාත් රංගන වරකාගොඩ මහතා ඇප මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (18) නියෝග කළේය.

රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතඥ ජනනාත් රංගන වරකාගොඩ ඇප මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (18) නියෝග කළා.

ඔහු රුපියල් 10,000 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ. ඊට අමතරව නඩු කටයුතු අවසන් වන තුරු විත්තිකරුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළා.

ඉකුත් 12 දා කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පදික මාරුවේදී මාරක රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන්  ජනනාත් වරකාගොඩ යන අය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. නඩුව අප්‍රේල් 29 වැනි දා යළි කැඳවීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

More News »