වෛද්‍යවරයාට මතුවූ සැකය නිසා කළ පරීක්ෂණයකදී මහා අපරාධයක සුළමුළ හෙළි වෙයි..!12 හැවිරිදි දැරිය ගැබිණියක් කළ ලොකු තාත්තාගේ නිවස ගිනිබත්

2019-03-16 01:26:00       1871
feature-top
රඹුක්‌කන ප්‍රදේශයේ වයස අවුරුදු 12 ක පාසල් දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුගේ නිවසට කිසියම් පිරිසක්‌ ගිනි තබා විනාශ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.  දූෂණයට ලක්‌ ව ඇති සිසුවියගේ මව විදෙස්ගතව ඇති අතර දැරිය අසල්වැසියකු වන 68 හැවිරිදි  ඥාති ලොකු තාත්තා කෙනකුගේ අතින් දූෂණයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දැරිය සිය සොහොයුරියක සමඟ පසුගියදා අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාවනැල්ල රෝහලට ගිය අවස්‌ථාවකදී  වෛද්‍යවරයාට ඇතිවූ සැකයක්‌ මත සිදු කරන ලද වැඩිදුර පරීක්‍ෂණයක දැරිය මාසයක ගැබිණියක් බව අනාවරණය කරගෙන තිබුණා. ඒ අනුව සිදුකරන ලද විමර්ශන වලදී සැකකාර පුද්ගලයා විසින් අදාල සිසුවියට මරණ තර්ජන සිදු කරමින් අවස්‌ථා ගණනාවකදීම දූෂණය කර ඇති බවටද තොරතුරු හෙළි වී තිබුණා.

ඒ අනුව  මාවනැල්ල රෝහල් පොලිසිය හරහා රඹුක්‌කන පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව රඹුක්‌කන පොලසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මැල්කම් පේට්‌ මහතාගේ උපදෙස්‌ පරිදි වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනු ලබනවා.
(under the courtesy of nethgossip.lk news web)

More News »