වෘත්තිය ක්‍රියාමාර්ග ත්‍රස්ත ක්‍රියාවන් ලෙස නම් කිරීමේ ආණ්ඩුවේ උත්සහයක්

2019-03-16 01:04:00       110
feature-top
ආණ්ඩුවට එරෙහිව  සිදු කරනු ලබන වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ත්‍රස්ත ක්‍රියාවන් ලෙස නම් කිරීමට ප්‍රතිත්‍රස්තවාදි පනත යටතේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පෙරටුගාමි සමාජවාදි පක්ෂය පවසයි.

ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා කොළඹ - කොටුව දුම්රියපොල ඉදිරිපිටදී ඊයේ(16) පස්වරුවේ සංවිධාන කර තිබූ අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසන්නේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට උත්සහ කරන එම පනත පරාජය කිරීමට වෘත්තිය සමිති රැසක් මේ වන විටත් පෙලගැසී සිටින බවයි.

යෝජිත ප්‍රතිත්‍රරස්ත පනතට එරෙහිව පෙරටුගාමි සමාජවාදි පක්ෂය විසින් කොටුව දුම්රියපොල ඉදිරිපිටදී  ඊවේ පස්වරුවේ අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් සංවිධාන කර තිබුණි.
 


(under the courtesy of adaderana.lk news web)

More News »