වෙඩි පහරකින් සද්ධන්තයෙක් අවසන් හුස්ම හෙළයි

2019-03-16 12:19:00       622
feature-top
දිඹුලාගල හඳපාන්විල රක්ෂිතයේදී දඬයක්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව වන අලියෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

මීට සතියකට පමණ ඉහතදී මෙම වන අලියා වෙඩි ප්‍රහාරයට ලක්ව මියයන්නට ඇති බව වනජීවී නිලධාරීන් සැක පහළ කරන බව ද වාර්තා වෙයි.

මේ අතර හිසට එල්ල වී ඇති වෙඩි පහර කිහිපයක් හේතුවෙන් මෙම වන අලියා මියගොස් ඇති බව වනජීවී නිලධාරීන් පවසා සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.

මෙසේ මියගොස් ඇත්තේ හඳපාන්විල රක්ෂිතයේ සැරිසැරූ වයස අවුරුදු 25ක් පමණ වන උස අඩි 8ක් පමණ වන වන අලියෙකු වන බව ද වනජීවී නිලධාරීන් සඳහන් කර ඇත.
 


(under the courtesy of adaderana.lk news web)

More News »