යතුරුපැදි අනතුරකින් තරුණ ජීවිතයක් මහ මඟ නවතී

2019-03-16 11:28:00       633
feature-top
බිංගිරිය පොලිස් වසමේ වීරපොකුණ, කඩිගාව මාර්ගයේ කිනියම වැව අසලදී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනක් රෝහල් ගත කර තිබේ.

ඊයේ(15) සවස 6.50ට පමණ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමේන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ වීරපොකුණ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි මොහොමඩ් ලිපාර් මොහොමඩ් ඩිල්ෂාන් නැමති පුද්ගලයෙකි.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් වීරපොකුණ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

මිය ගිය පුද්ගලයාගේ දේහය කුලියාපිටිය රෝහලේ තැම්පත් කර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බිංගිරිය පොලීසිය විසින් සිදු කරයි.
(under the courtesy of adaderana.lk news web)

More News »