ටොයොටා සමාගමේ නිෂ්පාදිත මිල මෙන් දෙතුන් ගුණයක් ලංකා ආණ්ඩුව බදු ගහයි.. ටොයොටා සමාගම මවිත වෙයි

2019-03-16 11:25:00       620
feature-top
ජපානයේ වාහන නිෂ්පාදන සමාගම් විසින් වාහන නිෂ්පාදනය කර නියම කරන මිල මෙන් දෙතුන් ගුණයක් ලංකාවේ ආණ්ඩුව විසින් එම වාහන සදහා බදු ගසන බව වත්තල පිහිටි ටොයොටා ශාඛාවේ ඉහල නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව කිසිදු නිෂ්පාදනයක් නොකර ලංකාවේ ආණ්ඩුව විසින් ජපානයේ නිෂ්පාදිත සමාගම මෙන් දෙතුන් ගුණයක ලාබයක් උපයන බවද ඔහු පෙන්වා දුන්නේය.

වාහන සදහා මෙතරම් බදු අය කරන ලොව වෙනත් රටක් ඇත්දැයි සිතාගත නොහැකි බවත් ඔහු කියා සිටී.

මෑතකදී තමන් ජපානයට ගිය අවස්ථාවක ටොයොටා සමාගමේ ඉහල නිලධාරියෙකුට මේ ගැන පැවසූ විට ඔහු මවිතයට පත් වූ බවත් සදහන් කලේය.
(under the courtesy of lankacnews.com news web)

More News »