නවසීලන්ත ඝාතකයා අධිකරණයේ..කිසිදු පසුතැවීමක් නෑ.. වැඩේ හරියට කල බවට සංඥා කරයි

2019-03-16 10:32:00       647
feature-top
නවසීලන්ත ක්‍රයිස්චර්ච් නගරයේදී ඊයේ දිනයේ පල්ලියක් තුල වෙඩි තබමින් 49 දෙනෙකු ඝාතනය කල බ්‍රෙන්ටන් ටැරන්ට් නම් සැකකරු නවසීලන්ත අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

එහිදී ඔහුට මිනීමැරුම් චෝදනා එල්ල කර තිබූ අතර සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කරමින් අධිකරණය නියෝග කර ඇත්තේ නැවතත් අප්‍රේල් 5 දින අධිකරණයට ඉදිරිපත් කිරීමටයි.

28 හැවිරිදි බ්‍රෙන්ටන් විනාඩියක පමණ සුළු කාලයක් අධිකරණය හමුවේ පෙනී සිටි අතර කිසිදු පසුතැවීමක් සැකකරුගෙන් දිස් නොවූ බවත් තම කාර්යය නිම කල බව හැගවෙන හස්ථ සඥාවක් පමණක් දැක්වූ බවත් විදෙස් වාර්තාවන්හි දැක්වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »