දාහතර හැවිරිදි දැරියක් දූෂණය කළ ගුරුවරයෙකු අත්අඩංගුවට

2019-03-16 09:08:00       619
feature-top
මොණරාගල ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දාහතර හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කර එම සිසුවියගේ ජායාරූප සිය ජංගම දුරකථනයේ තබාගෙන සිටි සැකකරුවකු ඇතිමලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ගුරුවරයා නිවසේදී හා පාසලේ දී මෙම දැරිය දූෂණය කර ඇති අතර එම ගුරුවරයා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක් බව පොලීසිය ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරිමේ දී එහි තිබී අතවරයට ලක් වූ දැරියගේ ජායාරූප සහ තවත් දැරියක් සමඟ ලබාගත් ජායාරූප කිහිපයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇතිමලේ පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබන බව වාර්තා වෙයි.


(under the courtesy of adaderana.lk news web)

More News »