ශ‍්‍රී ලංකාවේ අධිකරණ ගැන ඔස්ටේ‍්‍රලියාවෙන් පැසසුම්

2019-03-15 09:23:00       661
feature-top
අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට ශී‍්‍ර ලංකාව ගෙන ඇති කි‍්‍රයාමාර්ග පිළිබඳ ඔස්ටේ‍්‍රලියාව ප‍්‍රසාදය පළ කරනවා. අධිකරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ සමග අද (15) පැවැති හමුවකදී ශ‍්‍රී ලංකාවේ ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ජෝන් පිලිප් මේ බව පැවසුවා.

ශ‍්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ පුහුණුවීම්, ප‍්‍රතිසංස්කරණ සහ දැනුම ලබා දීම වැනි කටයුතු සඳහා ඔස්ටේ‍්‍රලියානු රජයේ සහය ශී‍්‍ර ලංකාවට ලබා දෙන බව ද මෙහිදී ප‍්‍රකාශ වී තිබෙනවා. 

(under the courtesy of nethnews.lk news web)

More News »