වැල්ලවත්තේ චීන කසිප්පු ජාවාරමක් පොලීසිය හෙළි කර ගනී

2019-03-15 09:06:00       619
feature-top
චීන ජාතිකයින් ඉලක්ක කර ගනිමින් සිදු කෙරුණු නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් කොල්ලූපිටිය පොලීසිය විසින් හෙළි කර ගෙන තිබෙනවා. මෙම නීතිවිරෝධී මත්පැන් වර්ගය නම් කර ඇත්තේ ‘‘චීන කසිප්පු’’ ලෙසයි. එහි ලීටර් 4 බැගින් වන කෑන් 50ක් පොලීසිය විසින් සොයා ගැනුණා.

ජාවාරම සිදු කළ බව කියන චීන ජාතික කාන්තාවක් සහ චීන ජාතික පිරිමියෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. මත්පැන් පෙරීම සහ ගබඩාව පවත්වාගෙන ගොස් ඇත්තේ වැල්ලවත්ත ප‍්‍රදේශයේ ස්ථානයකයි.


(under the courtesy of nethnews.lk news web)

More News »