නීති ප්‍රවේශ විභාගයේ අක්‍රමිකතා..

2019-03-15 09:04:00       655
feature-top
2018 වසර සදහා නාවල විවෘත විශ්ව විද්‍යාලය මගින් පැවැත්වූ නීති ප්‍රවේශ විභාගයේ අක්‍රමිකතාවයන් සිදුවී ඇතිබවත් ඒ ගැන දැනුවත් කිරීම සඳහා විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් අද (15) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

2018-05-20 දින විභාගය පැවැත්වුවද, ප්‍රතිඵල නිකුත් කිරීමට විභාගය පවත්වා මාස 6කට වඩා වැඩි කාලයක් ගතවූ බවත් ප්‍රතිඵල සටහන නිකුත්වී සති 2ක් පමණ ගතවූ පසු නැවත ප්‍රතිඵල සටහනක් විවෘත විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියේ සදහන් කර ඇත.

එමගින් මුල් ප්‍රතිඵල සටහනේ අසමත් සිසුන් කිහිප දෙනෙකු දෙවනුවට පල කල ලේඛනයේ ඉතා විශාල ලකුණු පරතරයකින් සමත්ව ඇති බවද ඔවුන් මෙහි දී මහින්ද රාජපක්ෂ මහතාට පැවසීය.

පාර්ලිමේන්තුවේ අවධානය මේ කෙරෙහි යොමු කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, සිසිර ජයකොඩි, අනුරාධ ජයරත්න, විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන මහතාද සහභාගී විය.


(under the courtesy of lankacnews.com news web)

More News »