නවසීලන්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව නිහඬයි : රටවල් රැසක් ශෝකය පළ කරයි

2019-03-15 05:22:00       646
feature-top
නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් නුවර පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් ඉලක්ක කර අද (15) උදෑසන සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් රටවල් රැුසක් ශෝකය පළ කර තිබෙනවා. ඒ අතර බි‍්‍රතාන්‍ය, ඔස්ටේ‍්‍රලියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තුර්කිය සහ ෆීජි රාජ්‍යය ද වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

යුරෝපා කවුන්සිලය ද ප‍්‍රහාරය සම්බන්ධයෙන් නවසිලන්තය වෙත සිය ශෝකය පළ කළා. ප‍්‍රහාරය එල්ල වී පැය ගණනාවක් ගත වී ඇති නමුත් අදාළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව මෙතෙක් නිල වශයෙන් කිසිඳු ප‍්‍රකාශයක් නිකුත් කර නොතිබීම විශේෂත්වයක්. ධවල මන්දිරය හෝ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද ශෝක පණිවිඩයක් හෝ නිකුත් කර නොමැති බව බීබීසී පුවත් සේවය සඳහන් කළා .
(under the courtesy of nethnews.lk news web)

More News »