බීමත්ව පරුෂවචන කියමින් වාහන ගමනාගමනයට බාධා කරමින් යකා නැටූ චීවරධාරියා අත්අඩංගුවට ගනී

2019-03-15 04:58:00       623
feature-top
පසුගිය 12 වැනි දින රාත‍්‍රී කාලයේ ගලේවෙල නගරයේ බීමත්ව අශෝභන ලෙස හැසුරුණු චීවරධාරියෙක් ලබන 19 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේසත‍්‍රාත් කෝසල ඉලංගසිංහ මහතා නියෝග කළේය.
 
මෙම පුද්ගලයා පිළිබඳව තොරතුරු ලත් වහාම පොලීස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇත.

එහිදී මෙම චීවරධාරයා බීමත්ව පරුෂවචන කියමින් වාහන ගමනාගමනයට බාධා වන අයුරින් හැසිරෙන ආකාරය පොලීස් නිලධාරීන් දැක ඇත.

පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීස් නිලධාරීන්ටද බැන තර්ජනය කර සාපරාදී බලහත්කාරකම් පා ඇති බව පොලීසිය පවසයි.

අනතුරුව පොලීස් නිලධාරීන් දැඩි උත්සාහයක් ගෙන චීවරධාරියා අත්අඩංගුවට ගෙන වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු බීමත්ව සිට ඇති බව තහවුරු වී ඇත.
 
(under the courtesy of nethgossip.lk news web)

More News »