අයිස් සහ කොකේන් සමග පානදුර කෙසෙල්වත්තේදී තිදෙනෙකු අත්අඩංගුවට

2019-03-15 04:45:00       620
feature-top
කොකේන් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය ළග තබා ගත් පුද්ගලයින් තුන්දෙනෙකු පානදුර කෙසෙල්වත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පානදුර උතුර පොලීසිය විසින් සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවක් ද වන බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් සතුව තිබී කොකේන් ග‍්‍රෑම් 4 කට වැඩි ප‍්‍රමාණයක් ද, අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 96ක් ද සොයා ගෙන තිබෙනවා. ජංගම දුරකථන සහ ඒවා සඳහා භාවිත කරන සිම්පත් කිහිපයක් ද ඔවුන් සන්තකව තිබූ බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.


(under the courtesy of nethnews.lk news web)

More News »