වාසුගෙන් යලිත් අගමැති සැරටම අහගනී..බැදුම්කර මගඩිය ගැන කබ්රාල්ගේ වාර්තාව සභාගත කිරීම දිවි හිමියෙන් වලකයි-Video

2019-03-15 04:35:00       744
feature-top
පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අගමැතිවරයාගේ වැය ශීර්ෂය යටතේ කළ කතාවේදී, අජිත් නිවාඩ් කබ්රාල් මහතා බැදුම්කර කොමිසමට ඉදිරිපත් කරන ලද  2017 ඔක්තෝම්බර් 25 දින වාර්තාවෙන් කරුණු උපුටාගෙන එහි ඇති වැදගත්කම විග්‍ර‍හ කරමින්, එම වාර්තාව සභාගත කරනවා යයි කීවේය.

එසේ කී විගසම අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතා කලබලවී අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විරුද්ධව චෝදනා නගමින් එම වාර්තාව සභාගත කිරීමට තම විරුද්ධත්වය පළ කර සිටියේය.

ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද, පිටු 20 කින් සමන්විත එම වාර්තාව මෙහි දැක්වෙන අතර, එහි සිංහල පිටපතක් තව දින කීපයකින් ඉදිරිපත් කිරීමටද කටයුතු සැළසෙමින් පවතී.
(under the courtesy of lankacnews.com news web)

More News »