ජනාධිපති විශ්වාස කල නොහැකි නයෙක්..මහින්ද එය දැනගත්තා-හිරුණිකාගෙන් ජනාධිපතිට දැඩි චෝදනා

2019-03-14 05:35:00       692
feature-top
එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැඩි ලෙස විවේචනාත්මකව අදහස් පල කලේය.

නයා නයාමයි කියා මහින්ද මහත්තයාද දැනගත් බව කී ඇය පුද්ගලයෙක් ලෙස ජනාධිපතිවරයා විශ්වාස කල නොහැකි බවද ඇය කීවාය.

ජනාධිපතිවරයා තමනගේ දේ රැකගන්න අන් අය පාවිච්චි කරන බවද කී ඇය නැවතත් වලේ වැටෙන්න එපා යයි ඉල්ලා සිටින බවද පැවසීය.

ජනාධිපති වැය ශීර්ෂයට විරැද්දය ඡන්දය දෙන බවද ඇය කියුවත් ඊයේ දිනයේ ජනාධිපති වැය ශීර්ෂය ඡුන්දයක් නොවිමසාම සම්මත විය.
(under the courtesy of lankacnews.com news web)

More News »