පුල්වාමා ප්‍රහාරය සම්බන්ධව සැකපිට 44ක් අත්අඩංගුවට

2019-03-06 11:23:00       698
feature-top
ඉන්දීය පාලනයේ පවතින කාශ්මීර පුල්වාමා ප්‍රදේශයට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 44 දෙනෙකු පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල ත්‍රස්ත ප්‍රහාරය එල්ල කල බවට චෝදනා එල්ල වූ ජයිශ් ඊ මොහොමඩ් සංවිධානයේ නායක මසූඩ් අසාර්ගේ පුත්‍රයෙකු සහ සහෝදරයෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය පෙබරවාරි මස 14 වනදා සිදුවූ පුල්වාමා ත්රරස්ත ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයින් 40 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ත්‍රස්තවාදී කණ්ඩායම් මැඩපැවැත්වීමට කටයුතු නොකරන බවට පාකිස්ථානයට ලොව විවිධ රටවලින් බලපෑම් එල්ල වුණි.

කෙසේවෙතත් අදාල අත්අඩංගුවට ගැනීම් කිසිදු බාහිර බලපෑමක් හේතුවෙන් සිදු නොවූ බව පාකිස්ථාන බලධාරීන් ප්‍රකාශ කර ඇත.

ජයිෂ් ඊ මොහොමඩ් නැමැති සංවිධානය ඉන්දියාව, අමෙරිකාව, බ්‍රිතාන්‍යය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත.


(under the courtesy of adaderana.lk news web)

More News »