රාජ්‍ය සේවක පඩි ගෙවන්න සල්ල නෑ.කොන්ත‍්‍රාත්කරුවන්ට ගෙවන්න අමාත්‍යංශවල සල්ලි නෑ.රාජ්‍ය බැංකු වාර්තා හංගනවා-ජනාධිපති

2019-02-18 03:02:00       632
feature-top
අද වන විට රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීමද ප්‍රශ්නයක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

එමෙන්ම අමාත්‍යාංශවල සංවර්ධන වැඩ කටයුතු සඳහා ගෙවීමටද මුදල් නැති බවත් එය රටේ ඇත්ත තත්වය බවත් ජනාධිපතිවරයා පැවසුවේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.

අද වන විට රාජ්‍ය බැංකුවල අභ්‍යන්තර තත්වය සම්බන්ධයෙන් නිසි වාර්තා නොදෙන බවත් මේ තත්ත්වය මත රටේ හෙට දවස යහපත් කරගන්නේ කෙසේ දැයි ප්‍රශ්නයක් වී ඇති බව ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

More News »