ඇතැම් ඇමතිවරුන් කැබිනට් හමුවට එන්නේ කොකේන් ගහලා

2019-02-16 03:54:00       580
feature-top
පසුගිය කාලයේ ගත් තීරණ අනුව කැබිනට් මණ්ඩලයේ කොකේන් ගහන ඇමතිවරුන් සිටින බව පැහැදිලි බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී. චානක මහතා පවසයි.

කොකේන් ගමන රාජ්‍ය ඇමතිවරුන් ඇති බවට රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සිදු කල හෙලිදරවුව ගැන ස්තුතිවන්ත වන බවද ඔහු සදහන් කලේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

අගමැතිවරයා දැන් කල යුත්තේ කොකේන් ගහන ඇමතිවරුන් කවුදැයි රටට හෙලි කිරීම බව එම මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »