බාප්පා ඝාතනය කර පුතා ගමෙන් පැන යයි..මව සමඟ ඇති කරගත් ගැටුම අවසානය මරණයෙන් කෙළවර වෙයි

2019-02-16 02:55:00       575
feature-top
බොරලැස්ගමුව වේරහැර දකුණ කහටගහවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගල ඝාතනයක් සිදුකර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ  සුසන්ත දයාවංශ නැමැති 33 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සිය බිරිඳ සමඟ ඇතිකරගත් ගැටුමක ප්‍රතිඵලයක් වශයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳගේ පෙර විවාහයේ පුත්‍රයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලිසිය අනාවරණය කරගෙන  ඇත්තේ. මෙම පුද්ගලයා තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු සමඟ නිවස පිටුපස මත්පැන් පානය කරමින් සිටින අවස්ථාවේදී මෙලෙස ඝාතනයට ලක්වී තිබෙනවා.

කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


(under the courtesy of nethgossip.lk news web)

More News »