ඉක්මන් මහ මැතිවරණයක්..ජාතික ආණ්ඩුවක් හදන්න ගොස් තිබෙන සුළුතර ආණ්ඩුවත් අවදානමේ

2019-02-16 12:35:00       642
feature-top
යෝජිත ජාතික ආණ්ඩුව පිහිටුවීමට නොහැකි වන්නේ නම් වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩු හා විපක්‍ෂ කණ්ඩායම්හි අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා විසින් දැඩි විරෝධය පල කිරීම මත ජාතික ආණ්ඩුවට එක්වීමට සූදානමික් සිටි ශ‍්‍රීලනිප පිරිසක් සිය තීරණය වෙනස් කිරීමත් දෙමල සන්ධානයද ජාතික ආණ්ඩුවකට අකමැත්ත පල කිරීමත් මෙම තිරණයට හේතු වී ඇත.

එමෙන්ම එජා පෙරමුණෙ නායකයන්ද සියළු දෙනා ජාතික ආණ්ඩුවකට එකග වී නැති එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීවරුන්ද විශාල පිරිසක් ජාතික ආණ්ඩුවට විරෝධය පල කරති.

මේ තත්වය මත එජාප ජේ‍යෂ්ඨයන් පිරිසක් පක්‍ස නායකත්වයට පෙන්වා දී ඇත්තේ ජාතික ආණ්ඩුවක් සෑදීමට යාමෙන් දැන් තිබෙන සුළුතර ආණ්ඩුවද අවදානමකට පත් වීමට ඉඩ ඇති බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »