ලයිබීරියාවේ රන් පතලක් කඩා වැටීමෙන් 5ක් මරුට

2019-02-14 11:16:00       622
feature-top
ලයිබීරියාවේ රන් පතලක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් 35ක පමණ පිරිසක් අතුරුදන්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නීති විරෝධි ලෙස සකස් කරන ලද පතලක මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරට ලක්වූ පුද්ගලයින් 10 දෙනෙකු බේරාගැනීමට හැකිවී ඇති අතර අතුරුදන්වූවන් මුදා ගැනීම සඳහා සහන සේවකයින් විමර්ශන ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් එරට බලධාරින් සැකපල කරන්නේ අතුරුදන්ව සිටින පිරිස ද  මියගොස් ඇති බවටයි.

ලයිබිරියාවේ නීති විරෝධි පතල් කැණිම් බහුලව සිදුවන අතර පුද්ගලයින් ලක්ෂයක පමණ පිරිසක් නීති විරෝධීව එම කර්මාන්තයේ නිරත වන බවට අනාවරණය වී තිබේ.
(under the courtesy of adaderana.lk news web)

More News »