ලංකාව සහ දකුණු අප්‍රිකානුවන් අද තරග බිමට

2019-02-13 10:29:00       625
feature-top
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(13) ඩර්බන් හිදි ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 1.30 ට තරගය ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ දක්වා ටෙස්ට් තරගය 27ක් පවත්වා තිබේ.

ඉන් තරග 14ක්ම ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වී තිබෙන අතර ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 7ක් පමණයි.

දෙරටේ ක්‍රීඩකයන් අවසන් වරට ටෙස්ට් තරගයකදී මුණගැසුණේ 2018 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගයේදීය.

එම තරගය ලකුණු 199කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත් අතර ටෙස්ට් තරගාවලියද 2ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.


(under the courtesy of adaderana.lk news web)

More News »