රැළියක් අතරතුර සිදුවූ තෙරපීමකින් 7ක් මරුට

2019-02-13 09:42:00       606
feature-top
නයිජීරියාවේ පැවැති රැළියක් අතරතුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් හත්දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙසේ නොසන්සුන් තත්ත්වයක් මතුව ඇත්තේ ජනාධිපති මුහම්මදු බුහාරිගේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අතරතුරයි.

පෝර්ට් හාරකෝර්ට් හිදී පැවැති එම රැළියේදී ජනාධිපතිවරයාගේ දේශනයෙන් පසු පිරිස එය පැවැති ක්‍රීඩාංගණයෙන් පිටතට පැමිණීමට උත්සාහ කර තිබේ.

විශාල පිරිසක් එක්වර ක්‍රීඩංගණයෙන් ඉවතට පැමිණීමට උත්සහ කළ අවස්ථාවේදී මෙසේ තෙරපීමක් ඇති වූ බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

තෙරපීම සමග බොහෝ පිරිසක් බිම ඇඳවැටුණු බවත්, ඉන් පසුව එකිනෙකාට පෑගීමෙන් පිරිස මියගිය බවත්, සිදුවීම ඇසින් දුටුවන් පවසයි.

නයිජීරියාවේ මීළග ජනාධිපතිවරණය ලබන 16වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී වත්මන් ජනාධිපතිවරයා සිය දෙවැනි ධුර කාලය සඳහා ඉදිරිපත්ව සිටින අතර හිටපු උප ජනාධිපති අටිකු අබුබකර් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාය.

එහිදී තුවාල ලැබූ බොහෝ පිරිසක් රෝහල්ගත කර තිබේ.
(under the courtesy of adaderana.lk news web)

More News »