ඔබේ සෙනෙහස අවැසි මොහොතක්-දරු දෙදෙනාට පිළිසරණක් සොයන මවක්

2019-02-12 03:57:00       608
feature-top
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් දෙදෙනෙකු සමඟ පිළිසරණක් නොමැතිව දිවි ගෙවන රෝගී මවක් පිළිබද අද දෙරණට වාර්තා විය.

ඒ මාතර ගොමිල මාවරල ප්‍රදේශයෙන්.

ගොමිල මාවරල ජීවත්ව සිටින මොවුන් කුඩා කල පටන් මානසිකව මෙන්ම , කතා කිරීමට සහ ඇවිදීමට නොහැකි තත්ත්වයෙන් පසු වෙයි.
 
මීට වසර 4කට පමණ පෙර මෙම දියණියන්ගේ පියා සියදිවි හානිකර ගැනීම හේතුවෙන් ඔවුන්ට මේ වන විටත් පිය සෙනෙහස ද අහිමි වී අවසන්.

ඒ හේතුවෙන් වයස අවුරුදු 14ක් සහ 13ක් වන මෙම දියණියන් දෙදෙනාට අද දිවි ගෙවන්නට සිදුව ඇත්තේ සිය රෝගී මව හා  ඔවුන්ගේ මිත්තනිය සමඟයි.

විනීතා රංජනි නමැති මෙම දරුවන්ගේ මව  මේ වන විට ආතරයිටිස් නම් රෝගී තත්ත්වයෙන් පෙළන අතර මේ සියලු දෙනාගේම වගකීම් දරන්නට සිදුව ඇත්තේ විනීතාගේ මවටයි.

තමාගේ රොගී තත්ත්වය හේතුවෙන් අසනීපයෙන් සිටින දරුවන් බලා ගැනීමට ළමා නිවාසයක් හෝ යම් ආධාරයක් කළ හැකිනම් එය මහත් උපකාරයක් බව මව පවසා සිටී.

මොවුන්ගේ ජීවිත ගොඩනඟන්න ඔබත් එක්වීමට කැමති නම් ඔවුන්ව පහත දුරකථන අංකයට කථා කිරීමෙන් සම්බන්ධ කර ගත හැක.

දුරකථන - 0779433516


(under the courtesy of adaderana.lk news web)

More News »