යාපනයේ නිවසකට බෝම්බ ප්‍රහාරයක්..

2019-02-12 01:53:00       379
feature-top
යාපනය නල්ලූර් නායර්මාකන්ඩු ප්‍රදේශයේ නිවසකට ඊයේ (11) රාත්‍රියේ කිසියම් නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පැවසීය.

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි කිහිපයකින් පැමිණි කණ්ඩායමක් විසින් අදාළ නිවස වෙත පළමුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට ඇත්තේ නිවසේ නවතා තිබු වෑන් රථයක් වෙතටය එහදී වෑන් රථය සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර නිවසැයන් වෑන් රථයේ ගින්න නිවීමට උත්සහ කොට නැත්තේ පැමිණි පිරිස් විසින් වෑන් රථය ගිනි ගන්නා තුරු නිවසේ තිබූ යතුරුපැදිවලට හා බඩුබාහිරාදියට හානි සිදු කිරීම හේතුවෙනි.

එහිදී යතුරුපැදි තුනකට හා නිවසේ දොර ජනෙල්ද කැඩී ගොස් ඇති අතර නිවසේ සිටි කිසිවෙකුටත් හානි සිදු කොට නොමැති බවටද යාපනය පොලීසිය කියා සිටියේය.

අදාල ප්‍රහාරයෙන් පසුව එම පිරිස පලා ගිය බවටත් එම ප්‍රහාරය ආවා කල්ලියේ බවට සැකකෙරෙන බවටද  පසුගිය සමයේ යාපනය නල්ලූර්,කෝපායි ඇතුළු ප්‍රදේශ රැසක ‍මෙලෙස පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාර එල්ල වි ඇති බවද පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

(under the courtesy of lankacnews.com news web)

More News »