රූකාන්ත එජාපයේ ආසන සංවිධායකයෙකු වෙයි..ශ‍්‍රීලනිප පිරිසකටත් සංවිධායක ධුර දෙයි..

2019-02-11 04:01:00       603
feature-top
ජනප‍්‍රිය ගායක රූකාන්ත ගුණතිලක මහතා එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායක ධුරයකට පත් කර ඇත.

ඔහු පත් පත් කර ඇත්තේ දඹදෙණිය ආසනයේ එජාප සංවිධායකයා ලෙසයි.

ඔහු ඇතුලු කිහිප දෙනෙකුට එජාපයේ ආසන සංවිධායක ධුරයන් ලබා දීමට නියමිතය.

කාවින්ද ජයවර්ධන මහතා මීගමුවේ එජාප සංවිධායක ලෙස පත් කර ඇත.

මීට අමතරව ශ‍්‍රීලනිපයෙන් එජාපයට එක් වූ ලලිත් දිසානායක මහතා එජාප අරනායක ආසන සංවිධායක ලෙස හා තිලිණ බන්ඩාර තෙන්නකෝන් මහතා එජාප පාතදුම්බර ආසන සංවිධායක ලෙසත් පත්කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »