අනාගතයේ නිර්මාණය වන්නේ මෛත්‍රී-මහින්ද එක්වු ආණ්ඩුවක්

2019-02-11 11:14:00       590
feature-top
අනාගතයේ නිර්මාණය වන්නේ මෛත්‍රී -මහින්ද එක්වු ආණ්ඩුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

කුරුණැගල  කටුගම්පළ   ප්‍රදේශයේ පැවති ජන හමුවක දි ඒ මහතා මේබව සඳහන් කළේය.

එසත් ජාතික පක්ෂයේ මතවාද සමඟ එක්ව තවමත් ආණ්ඩු කළේ නම් රටක් ඉතුරු නෙවන බවද මන්ත්‍රීවරයා පවසයි.

පසුගිය වසර කිහිපය තුල ආර්ථීක වර්ධනය සියයට 3ක් බවත් ඒ අනුව සන්ධාන ආණ්ඩු පැවැත්වීමට නොහැකි බැවින් සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව ආණ්ඩුවක් ඇති කිරිමට උත්සහ කළේ රට වෙනුවෙන් බවද මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් අදහස් දැක්වීය.


(under the courtesy of adaderana.lk news web)

More News »