ATM යන්ත්‍ර භාවිතයේ දී සැලකිලිමත් වන්නැයි මහ බැංකුව ඉල්ලයි
2019-02-07 09:48:00  ★ 362

ගෙවීම් කාඩ්පත් මගින් ගනුදෙනුකරුවන්ට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ජාලය හරහා මුදල් ආපසු ලබා ගැනීමේ පහසුව සහ ලොව පුරා සිටින වෙළෙඳුන් හරහා ගනුදෙනු කිරීමේ අවස්ථාව සලසා දෙයි. කෙ සේ වෙතත්, ATM හා කාඩ්පත් කියවීමේ යන්ත්‍ර අවභාවිත කර ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් මුදල් සොරා ගැනීම සඳහා අපරාධකරුවන් හට හැකියාව ඇත. එ බඳු සිදුවීම් අවම කිරීම පිණිස ජාත්‍යන්තර ගෙවීම් කාඩ්පත් සඳහා වන ආරක්ෂක ප්රමිතීන් හා පරිචයන්ට අනුකූල ව ගෙවීම් කාඩ්පත් ජාලය තුළ විද්‍යුත් චිපයක් සහිත ආරක්ෂිත කාඩ්පත් (EMV) නිකුත් කිරීම සහ සියලු ම ආකාරයේ විද්‍යුත් ගනුදෙනු කෙටි පණිවිඩ (SMS) මාර්ගයෙන් දැනුම්දීම් වැනි ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇත.
මෑත කාලයේ දී වංචනික ලෙස ගෙවීම් කාඩ්පත් භාවිත කරමින් අරමුදල් ආපසු ලබා ගැනීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා විය. බැංකු ක්රමයේ සහ ගනුදෙනුකරුවන්ගේ මුදල්වල සුරක්ෂිතභාවය තහවුරු කරනු වස් දැනටමත් ගෙන ඇති ආරක්ෂිත ක්‍රියාමාර්ගවලට අමතර ව ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම සහ බලපත්‍රලාභී බැංකු යන ආයතන මේ සඳහා වැඩිදුර ක්‍රියාමාර්ග ගෙන ඇත.
ඕනෑ ම ගෙවීම් පද්ධතියක් ආරක්ෂා කර ගැනීම සඳහා බැංකු, කාඩ්පත් නිකුත්කරුවන්, අත්පත්කරුවන් සහ නියාමකයින් දරන උත්සාහයන්ට ගනුදෙනුකරුවන්ගේ සහය මෙන් ම ඇගැයීම ද අවශ්‍ය වේ. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ගනුදෙනුකරුවන් විසින් EMV තාක්ෂණය සහිත ගෙවීම් කාඩ්පත් භාවිත කිරීම අවශ්‍ය වේ. එ වැනි කාඩ්පත් හඳුනා ගත හැක්කේ ඒ මත මනාව දිස්වන ලෙස පිහිටා ඇති විද්‍යුත් චිපය මගිනි. ගනුදෙනුකරුවකු විසින් භාවිත කරන කාඩ්පත EMV තාක්ෂණයෙන් තොර නම්, එම ගනුදෙනුකරුවා හට EMV තාක්ෂණය සහිත කාඩ්පතක් නිකුත් කරන මෙන් අදාළ බැංකුවෙන් ඉල්ලා සිටිය හැක.
ඒ අනුව, ATM මගින් කරනු ලබන ගනුදෙනුවල සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ගෙවීම් කාඩ්පත් සහ ATM යන්ත්‍ර භාවිත කිරීමේ දී සැලකිලිමත් විය යුතු බව මහ බැංකුව දැනුම් දෙනු ලබයි. හඳුනා ගත නො හැකි හෝ අනවසර ගනුදෙනුවක් හෝ අහිමි වූ හෝ අස්ථානගත වූ කාඩ්පත් වේ නම් එ වැනි සිදුවීම් වහා ම අදාළ බැංකුව වෙත දැනුම් දිය යුතු වේ.
(මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයකි.)
(under the courtesy of adaderana.lk news web)

එජාපයේ සභාපතිගෙන් ශ්‍රී ලංකන්- මිහින්ලංකා කොමිසම පැය 04ක් ප්‍රශ්න කරයි
2019-02-21 06:12:00ළමා අපයෝජනයට එරෙහිව ලෝක රදගුරුවරු එක්වෙති
2019-02-21 06:10:00අපේ අධිකරණයට චෝදනා නඟා විදෙස් විනිසුරු මැදහත්වීම ගැන කෑ ගහන්න එපා- කතානායක
2019-02-21 05:57:00මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ
2019-02-21 05:51:00විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති..මාධ්‍ය කැදවා බලු බැණුම් බනිති
2019-02-21 05:50:00සුබාස්කරන් අලිරාජාගේ ස්වර්ණමහල් ගණුදෙනුව ගැන මහ බැංකු අධිපති කට අරී..
2019-02-21 05:47:00නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර්ගෙන් නව ක්‍රිකට් වාර්තාවක්
2019-02-20 05:00:00යාපනයේ වත්මන් තත්වය ගැන විශේෂ සාකච්ඡාවක්
2019-02-20 05:00:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com