ප්‍රබල ක්‍රීඩකයින් 03දෙනෙක් එකම මේසෙක තබාගෙන ක්‍රිකට් අර්බුදය විසඳන්න සූදානම් වෙයි

2019-02-05 09:31:00       587
feature-top
ජාතික ක‍්‍රිකට් කණ්ඩායම තුළ පවතින අර්බුදය සම්බන්ධයෙන් ඉදිරියේ දී තමන් ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා සමග එකම මේසයක සිට සාකච්ඡා කරන බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා.

ක‍්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  ඕස්ටේ‍්‍රලියානු ගුවන් විදුලියක් සමග සාකච්ඡාවකට එක්වෙමින්. මේ වනවිට බංග්ලාදේශ ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට එක්ව සිටින තිසර පෙරේරා ලබන 09 වැනිදා දිවයිනට පැමිණීමෙන් පසු ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි ක‍්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ.

කණ්ඩායම තුළ කල්ලිවාදයක් ඇති බවට තමන් ද පිළිගන්නා බව ක‍්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

ක‍්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් ක‍්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන් අතර ගැටුමක් නිර්මාණය වීම පිළිබඳව ද  ඕස්ටේ‍්‍රලියානු ගුවන් විදුලියේ මාධ්‍යවේදියා ක‍්‍රීඩා අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රශ්න බිරින්දෑවරුන් අතරට ගෙනයාම සුදුසු නොවන බවයි. ඉදිරියේදී ක‍්‍රීඩකයින් මෙවැනි තත්ත්වයන් වළක්වාගැනීමට කටයුතු කරනු ඇති බවයි ක‍්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

More News »