ප‍්‍රබල ජපානය පරදවමින් කටාර් රාජ්‍යය ආසියානු පාපන්දු කිරුළ දිනයි

2019-02-02 11:54:00       590
feature-top
ප‍්‍රබල ජපානය පරාජය කරමින් මෙවර ආසියානු පාපන්දු කුසලානය දිනා ගැනීමට කටාර් රාජ්‍ය ඊයේ (02) සමත් වුණා. ඔවුන් අවසන් මහා තරගය ජයගත්තේ ගෝල 3-1 ක් ලෙසයි. පළමු අර්ධය නිමා වනවිට ගෝල 2-0ක් ලෙස පෙරමුණේ පසුවුණේ කටාර් රාජ්‍යයි.

දෙවන අර්ධයේදී ජපානය ගෝලයක් වාර්තා කළ අතර 83 වන මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට කටාර් කී‍්‍රඩකයින් සමත් වුණා. කටාර් රාජ්‍යය ආසියානු පාපන්දු කිරුළ දිනාගත් පළමු අවස්ථාවද මෙය වනවා. ඔවුන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 93 වන ස්ථානයේ පසු වන අතර ජපානය පසුවන්නේ පනස් වන ස්ථානයේයි.

මෙවර ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වුණා.
(under the courtesy of nethnews.lk news web)

More News »