රෝහිත්ගේ 200වන එක්දින තරගයේදි ඉන්දියාව නවසීලන්තය හමුවේ ලකුණු 92 කට දැවී යයි

2019-01-31 10:52:00       659
feature-top
සංචාරක ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන සිව්වන එක්දින තරගයේදි මුලින් පන්දුවට පහරදුන් ඉන්දිය පිතිකරුවන් සියළු දෙනා ලකුණු 92කට දවා ගැනිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් විය.

අද තරගයෙන් ඉන්දිය කණ්ඩායමේ නිත්‍ය නායක විරාත් කෝලි විවේක ගන්වා තිබෙන අතර කණ්ඩායම මෙහෙයවිමේ වගකිම රෝහිත් ෂර්මා වෙත පවරා තිබෙනවා. රෝහිත් ෂර්මා අද ක්‍රිඩා කරනු ලබන්නේ සිය 200 වන එක්දින තරගයටයි.

ඉන්දිය ඉණිම සුනු විසුනු කල නවසීලන්ත පන්දු යවන්නන් ඉන්දිය පිතිකරුවන් සියළු දෙනා පන්දු ඕවර 30.5ක් තුලදි යලි ක්‍රිඩාගාරයට හරවා යැවිමට සමත් විය. එහිදි නවසීලන්ත පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවිමක නිරතවු ට්‍රෙන්ට් බෝල්ට් පන්දු ඕවර 10ක් තුලදි ලකුණු 21ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් දවා ගන්නා ලදි.

පිලිතුරු ඉණිම ක්‍රිඩා කරන නවසීලන්ත පිල මේ වන විට පන්දු ඕවර 6ක් අවසානයේ කඩුල්ලක් දැවි ලකුණු 39ක් රැස් කරගෙන සිටියි.

තරග 05කින් යුත් එක්දින තරගාවලිය මේ වන විටත් 3-0ක් ලෙස ජය ගැනිමට ඉන්දිය පිල සමත් විය.


(under the courtesy of nethnews.lk news web)

More News »