මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා 05 ක් යළි භාරදෙයි

2019-01-24 03:10:00       202
feature-top
ශ‍්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා 05ක් යළි එරටට භාර දී තිබෙනවා.

ඒ, ශ‍්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිවයි. මෙරටට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ‍්‍රී ලංකා නාවික හමුදා විසින් මෙම ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා සිය භාරයට ගෙන තිබුණා.

එම යාත‍්‍රා පසුගිය දිනවල කරෙයිනගර් ශ‍්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේ ජැටියෙහි නැංගුරම් ලා තිබු අතර, ඒවා අළුත්වැඩියා කිරීම පසුගිය දිනවල සිදු කෙරුණා. ඉන් අනතුරවයි එම යාත‍්‍රා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය වෙත යළි භාරදී ඇත්තේ.


(under the courtesy of nethnews.lk news web)

More News »