පිලිප් කුමරුට අනතුරක්

2019-01-18 09:40:00       580
feature-top
බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු රිය අනතුරකට මුහුණ දී තිබේ.

කෙසේ වෙතත් ඉන් ඔහුට බරපතළ තුවාලයක් සිදුවී නොමැති බවද සඳහන්ය.

බ්‍රිතාන්‍යෙය් දෙවැනි එලිසබෙත් රැජිණගේ ස්වාමි පුරුෂයා වන එඩින්බර්ග් හි ආදිපාද පිලිප් කුමරු මෙසේ රිය අනතුරකට මුහුණදී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී කුමරු විසින්ම රිය පදවාගෙන ගොස් ඇතත් ඉන් 97 හැවිරිදි පිලිප් කුමරුට බරපතළ හානියක් වී නොමැති බවටද සඳහන් වෙයි.

අනතුර සිදුවී ඇත්තේ එංගලන්තයේ බකින්හැම් මාළිගය සමීපයේ පිහිටි සැන්ඩ්‍රිගම් වතුයාය සමීපයේදීය.

එය තරමක් බරපතළ අනතුරක් වීම හේතුවෙන් කුමරු දැඩි සේ කම්පනයට පත්ව සිටි බව  සිදුවීම ඇසින් දුටුවන් පවසයි.

අනතුරට මුහුණදුන් අනෙක් මෝටර් රථයේ සිටි කාන්තාවන් දෙදෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුකර තිබුණි.

අනතුරින් කුමරු ගමන් කළ ලෑන්ඩ් රෝවර් වර්ගයේ මෝටර් රථය පෙරලීගොස් තිබූ බවද විදෙස් වාර්තාවල සඳහන්ව ඇත.

පිලිප් කුමරු සහ එළිසබත් මහ රැජිණ යන දෙදෙනාම රිය පැදවීමට ප්‍රියකරන බව ප්‍රකටය අතර රිය පැදවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යෙය් නීති රාමුව තුළ කිසිදු වයස් සීමාවක් නැත.

කෙසේවෙතත් වයස අවුරුදු 70 පසුවීමෙන් අනතුරුව තුන් වසරකට වරක් සිය රියදුරු බලපත්‍රය සමාලෝචනයට ලක්කළ යුතු බවට නීතියක් පනවා ඇත.
 


(under the courtesy of adaderana.lk news web)

More News »