මීලග ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස- එජපය තීරණය කරයි

2019-01-18 08:44:00       588
feature-top
මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වන්නේ පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා බව රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට පක්ෂයේ බහුතරය මෙම තීන්දුව ගෙන ඇති බවයි.

සරත් ෆොන්සේකා මහතාට මෛත්‍රීපාල සිරිසේන මහතාට එජාප ජනාධිපති අපේක්ෂකත්වය දිය හැකිනම් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දිය නොහැකි වීමට ප‍්‍රශ්නයක් නැතැයිද ඔහු කියයි.

අද වන විට ජනාධිපති අපේක්‍ෂකත්වය සදහා සජිත් පේ‍්‍රමදාස මහතා හැර වෙන සුදුස්සෙකු රටේම නැතැය්ද ඔහු වැඩි දුරටත් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »