ආගමික සංහිඳියාවක් ගැන මොන පූචානම් දෙසුවත් දෙමළ අන්තවාදී කි‍්‍රයාවල අඩුවක් නෑ-හෙල උරුමය කියයි

2019-01-18 08:43:00       218
feature-top
ජාතික හෙල උරුමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

තෛපොංගල් දින මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයට කඩා වැදුනු අන්තවාදීන්ට
එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරනු.

ගොවිතැනින් සරු අස්වැන්නක් ලබාගැනීමට දායක වූ හිරු දෙවිඳුන්ට සහ ගවයාට කෘතගුණ සැලකීමක් වශයෙන් ලෝකවාසී හින්දුබැතිමතුන් විසින් සමරනු ලබන තෛයිපොංගල් උත්සව දිනයේ දී එම උත්සවය සැමරීමට මුවා වී මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානයට ඇතුල් වී ඇති දෙමළ සංධානයේ අන්තවාදී මන්තී‍්‍රවරුන් හා ප‍්‍රාදේශීය දේශපාලඥයන් විහාරස්ථාන භූමීයේ බලහාත්කාරයෙන් හින්දු කෝවිලක් ඉදිකිරීමට මුල්ගල තැබීම ජාති ආගම් භේදයෙන් තොරව සියලූ දෙනා පිළිකුලෙන් හෙළා දැකිය යුතු කි‍්‍රයාවකි.

ඵෙතිහාසික පුරාණ බෞද්ධ විහාරස්ථානයක ඇති දේවාලභූමීයේ නව හින්දු කෝවිලකට මුලගල් තැබීමට අන්තවාදී දෙමළ දේශපාලඥයන බලහත්කාරයෙන් දැරූ මේ උත්සාහය ජාතික හා ආගමික සංහිඳියාවට එල්ල කළ පහරකි. දෙමළ අන්තවාදීන්ගේ මෙවැනි කි‍්‍රයා උතුරු හා නැගෙනහිරින් කොතෙකුත් වාර්තා වන අතර ඒවා සිංහල විරෝධි බෞද්ධ විරෝධි මුහුණුවරක් ගෙන ඇත.

කොතෙකුත් ආගමික සංහිඳියාව ගැන අප කතා කළද මෙම දෙමළ අන්තවාදී කි‍්‍රයාවන්ගේ අඩුවක් නැත. විහාරාධිපති හිමියන්ගෙන් තෛපොංගල් උත්සවය සැමරීම සඳහා විහාරස්ථාන භූමීය ඉල්ලූ අවස්ථාවේ දී නොපැකිළිව පන්සල් භූමීය විවෘත කර දුන් නායකහිමියන්ටත් දායක සභාවටත් මෙම අන්තවාදීන් මේ ආකාරයට කටයුතු කිරීම පිළිබඳ දෙමළ දේශපාලන නායකත්වය ලැජ්ජාවට පත්විය යුතුය.

හින්දු, බෞද්ධ, සහෝදරත්වයට දිගු ඉතිහාසයක් තිබෙන අතර අතලොස්සක් අන්තවාදීන්ගේ අවස්ථාවාදී සංහිඳියා විරෝධි කි‍්‍රයාවන් නිසා සිංහල, දෙමළ, බෞද්ධ, හින්දු සබඳතාවය ප`ඵඳු අවිශ්වාසයක් නිර්මාණයවීම වැළැක්විය නොහැක.

මේ අයගේ අන්තවාදී කි‍්‍රයා නිසා සිංහල, දෙමළ ජනතාව අතර අසමගිය වපුරන්නට උත්සාහ කරන මෙම දෙමළ අන්තවාදීන් මැඩලිමත්් ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමත් රජයේ වගකීමකි. එසේ නොකොට මෙවැනි සිදුවීම් දෙස අහක බලාගෙන සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් සැබෑ සංහිඳියාවක් ගොඩනොනැගෙන අතර එක් පාර්ශවයකට පමණක් දේශනාකරන සංහිඳියාවෙන් පලක් නොවන බවද අවධාරණය කරමු.

මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයට කඩාවැදුනු අන්තවාදී දෙමළ දේශපාලඥයන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටිමු.

නිශාන්ත ශී‍්‍රවර්ණසිංහ
ජාතික සංවිධායක
(under the courtesy of lankacnews.com news web)

More News »