සේනාගෙන් බේරෙන්න දේව කන්නලව්වක්

2019-01-16 02:13:00       585
feature-top
දිස්ත්‍රික්ක කිහිපයක වගාබිම් විනාශ කරන සේනා දළඹු උවදුර හේතුවෙන් සිය බඩඉරිගු අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් දැඩි ගැටලුවකට මුහුණ පා සිටියි.  

එවන් පසුබිමක වගාබිම් වලට හානිකරන සේනා දළඹු උවදුර පහව යන්නැයි ඉල්ලා අනුරාධපුර ගොවින් දේව කන්නලව්වක්ද පවත්වා තිබේ.

මේ අතර දළඹුවන් මර්දනය කිරීම වෙනුවෙන් ගොවීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (16)  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබුවේය.

සේනා දළඹු උවදුරට මේ වන විට දිස්ත්‍රික්ක රැසක බඩඉරිඟු සහ එළවළු වගාබිම් ගොදුරු වී අවසන්.

අද වන විට සිය බඩඉරිඟු අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව අනුරාධපුරයේ ගොවීන් දැඩි ගැටලුකවකට මුහුණ පා සිටියි.  

එවන් පසුබිමක ගොවීන්ගේ ගැටලු පිළිබදව අවධානය යොමුකිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේනසිංහ මහතා නාච්චාදූව සහ තුරුවිල ප්‍රදේශයේ සංචාරයකට ඊයේ (15) එක් විය.  

මේ අතර  ගලෙන්බිඳුණූ වැව යක්කල ප්‍රදේශයේ බඩඉරිඟු වගාබිම් අක්කර 280ක් අදවන විට සේනා දළඹු උවදුරෙන් විනාශ වී අවසන්.  

කෙසේ වෙතත් බඩඉරිගු අලෙවිකරමින් සිය ජීවිකාව සරුකරගත් පිරිසද අදවන විට දැඩි ගැටලුවකට මුහුණා පා සිටියි.

ඔවුන් පවසන්නේ සේනා දළඹු උවදුර හේතුවෙන් පාරිභෝගිකයින් අදවන විට බඩඉරිගු මිළදී ගැනීමද ප්‍රතික්ශේප කරන බවයි.  


(under the courtesy of adaderana.lk news web)

More News »