පලාලි හා ඉන්දියාව අතර සෘජු ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කල බව ඉන්දියාව කියයි

2019-01-16 01:41:00       657
feature-top
ඉන්දියාව හා පලාලි ගුවන්තොටුපළ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා ගිවිසුම් අත්සන් කොට ඇති බව ඉන්දීය ගුවන් තොටුපල අධිකාරිය සඳහන් කරයි.

එහි නිල වෙබ් අඩවියේ සදහන් නිවේදනයක දැක්වෙන්නේ මෙම ගුවන් ගමන් ආරම්භ කිරීම පසුගිය දෙසැම්බර් මස 31 වන දින වන විට ආරම්භ කළ යුතුව තිබුණද පැවති දේශපාලන තත්වය හමුවේ එය කල් ගොස් ඇති බවයි.

මේ වන විට ඒ සඳහා නිශ්චිත දිනයක් නම් කර නැති බවද නිවේදනයේ දැක්වෙයි.

පලාලි ගුවන් තොටුපොළ ඉදිරියේදී ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙසට සංවර්ධනය කරන තෙක් කුඩා ගුවන්යානා පමණක් යොදාගෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා පවත්වාගෙන යාමට මූලිකව කටයුතු කරනු ඇති බව ද එහි සඳහන් වේ.
(under the courtesy of lankacnews.com news web)

More News »