හොර දොස්තර සමඟ මත්පෙති ලක්ෂයක් වීරගුලින් මාට්ටු

2019-01-16 01:08:00       587
feature-top
වීරගුල පොලිස් නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත වීරසුරිය කන්ද, පස්යාල ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානයක් පොලීසිය විසින් වටලා තිබේ.

ඊයේ(15) දහවල් 12 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙම ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානය තුළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් සිටි පුද්ගලයෙකු සන්තකයේ තිබී විවිධ වර්ගයේ මත්පෙති හා කරල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සමඟින් අත්අඩංගුවට ගොස් තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 59 ක් වු පහළවෙල, පමුණුවවත්ත, මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී තිබේ.

සැකකරු අද(16) දිනයේ දී අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වීරගුල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


More News »