හලාල්,ශරියා,බුර්කා ගැන තමන්ගේ මතය කියයි -CTJ සංවිධානයෙන් පසු SLTJ සංවිධානයත් නෙල්ලිගල හිමියන් සමඟ සාකච්ඡා කරයි-EXCLUSIVE VIDEO

2019-01-15 01:57:00       722
feature-top
පසුගියදා රටේම කතාබහට ලක්වූ මහනුවර සහ මාවනැල්ල යන ප‍්‍රදේශවල බුදුපිළිම කිහිපයකට ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් සමග  සිලෝන් තව්හීජ් ජමාත් සංවිධානය විසින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ නෙත්.එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහන හරහා වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් විසින් සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය ප්‍රකාශය කිරීමට කරන ලද ඉල්ලීලමකට අනුවයි.

එම සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානය විසින්ද  වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් සමඟ විශේෂ සාකච්ඡාවක් සිදු කිරීමට අවශ්‍ය බව දන්වා සිටියා. ඒ අනුව

බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ සිදූවීමක් වුණා. ඒ අනුව අදාල සිදුවීම සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් සමග නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනක්ද පැවැත්වුනා.

එම වැඩසටහනෙන් පසු සිලෝන් තව්හීජ් ජමාත් සංවිධානය විසින් පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියා. ඒ අනුව දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡාවේදී සමාජයේ විවාදයට බඳුන්වන කාරණා කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරුනා. එහිදී අදාල බුදුපිළිම කැඩීමේ සිදුවීම තම සංවිධානයද හෙළා දකින බව ප්‍රකාශ කළ ඔවුන්  මුස්ලිම් සංවිධාන, හලාල් සහතික, ශරියා නීතිය ඇතුළු කරුණු කාරනා රැසක් ගැන අවධානය යොමු කළා.
(under the courtesy of nethgossip.lk news web)

More News »